Friday, January 30, 2009

අතු අගක ඇති
පිණි බිඳක රැව
දිලෙන විට
හිරැ කිරණ සිපගෙන
නො සිතුවෙමි
සැනෙකින් නැසෙන වග
සදාකල්හිම රැ‍‍දේ නම් රැව
යෙහෙක් යැයි මා සිතූ අන්දම
දැනුදු සේ යලි මතක් වේ මට

සතුට සොම්නස
හදේ නොරඳා
අනේ ඒ පිණී බිඳුව සැනෙකින්
ගියා දෝ අතු අග ත් අතහැර
මගේ සිත රුඳි සො සුසුම් රැලි
නොයන්නේ කිම
පිණි බිදුව ලෙස

No comments:

Post a Comment