Wednesday, May 20, 2009

කෙලෙස දරන්නද
මා සිතෙහි දුක් ගින්න ?
කෙදිනකදි නිමවේද
මේ රුදුරු පීඩනය ?
සිත කීරී ගසනා
අපමණ ලතැවුල්
නෙත් කෙවෙනි රිදවූ
සීත කඳුළු කැටි
දරාන ඉන්නම්
මහ මේරු කන්ද සේ
රිදවන්න රිසි සේ
ඔබට තුටු දැනේ නම් ......